32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබෙනවා.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීයි.

පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධානය කර තිබෙනවා.