28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදැදුරු ඔය ඛේදවාචකයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට

දැදුරු ඔය ඛේදවාචකයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට

දැදුරු ඔය ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස්  තිබෙනවා.

ඊයේ (5) පස්වරුවේ කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක පිරිසකුයි මෙම අනතුරට මුහුණ දුන්නේ.

අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණයි.

අතුරුදන් වූවන් සොයා හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් අඛණ්ඩව මෙහෙයුම දියත් කරනු ලැබුවා.

එහිදී සිරුරු 4ක් සොයාගැනීමට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද අවාසනාවන්ත ලෙස  මිය ගොස් ඇති බවටයි වාර්තා වුණේ.

ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.