25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසේවක හදිසි අනතුරු වන්දිය ලක්ෂ 20ක් කෙරේ

සේවක හදිසි අනතුරු වන්දිය ලක්ෂ 20ක් කෙරේ

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබේ.

ඒ සදහා පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය පළ වී ඇත.

සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවයකදී දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය රුපියල් 550,000 ක් වන අතර එම මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ දමා තිබේ.