ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යෑමත් සමඟ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 131,500ක්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 119,800 දක්වාත් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.
මේ අතර ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 105.79 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 100.54 දක්වා ඉහළ ගොස් තිබේ.