කොවිඩ් වයිරසයෙන් පූර්ණ ආරක්ෂාව ලැබීමට නම් එන්නත් මාත්‍රා ත්‍රිත්වයම ගත යුතුව ඇතැයි අමෙරිකාවේ බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි ප්‍රකාශ කළේය. එරට නව කොවිඩ් රැල්ල ආරම්භ වීමෙන් පසු කොවිඩ් මර්දන මාත්‍රා 2ම එන්නත්කරණය කරනු ලැබූ පුද්ගලයන් බූස්ටර් එන්නත්කරණයට ලක් කිරීම පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායලය කේන්ද්‍ර කරමින් සිදු කළ අධ්‍යයන දෙකක් උපුටා දක්වමින් එන්නත් මාත්‍ර 2 සම්පූර්ණ කළ පුද්ගලයන්ට වඩා තුන්වැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ ඉතා පහළ මට්ටමක පවතින බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් අමෙරිකා ජනතාව කොවිඩ් මර්දන තුන්වැනි එන්නත ලබාගත යුතුදැයි යන්න එරට ආහාර හා සෞඛ්‍ය පරිපාලනය විසින් තීරණය කළ යුතු කරුණක් බව ඔහු සඳහන් කළේය. ෆයිසර් සහ මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් ද්විත්වයම මේ වනවිට තුන්වැනි මාත්‍රාව දීම සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය වෙතින් ඉල්ලීමක් කර ඇත.