30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපාස්කු ප්‍රහාරයට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයාට අධිකරණය දුන් නියෝගය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකයාට අධිකරණය දුන් නියෝගය

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය.

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින අදාළ විත්තිකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී ගැටුම් ඇති වියහැකි බවට තොරතුරු දැන ගනිමින් ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකුට දැනුම්නොදී තොරතුරු වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව එම නඩුව ගොණුකර තිබේ.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන විත්තිකාර මොහොමඩ් ඊබ්‍රහිම් නැමැත්තා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඉන්සාබ් සහ මොහොමඩ් ඉල්හාම් යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.