දමස්කස් නුවරට ඉහළින් එල්ල කරනු ලැබූ ඊශ්‍රායල මිසයිල සිරියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් සාර්ථකව බිම හෙළා දැමූ බව එරට පුවත් වාර්තා කළේය. පෙරේදා අලුයම් කාලයේ දමස්කස් නුවර ඇතැම් ස්ථාන ඉලක්ක කරමින් දකුණුදිග බීරුට් නුවර දෙසින් මේ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් බිම හෙළීමට සමත්වූ බව සිරියානු හමුදාව නිවේදනය කර ඇත.
සිරියාවේ මානව හිමිකම් පිළිබඳ නිරීක්ෂණය කරන බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් සංවිධානයක් ද මේ ප්‍රහාරය තහවුරු කර ඇත. ඊශ්‍රායලය මේ මිසයිල ප්‍රහාරයෙන් ඉලක්ක කර ඇත්තේ දමස්කස් නුවර අවට ග්‍රාමීය පළාතක් වන බර්සා සහ ජම්රයා හි පිහිටි ඉරාන හිතෛෂි හමුදා සාමාජිකයන් රැඳී සිටි ස්ථානය බව පසුව වාර්තා විය.
වසර 2011දී සිරියානු යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලය දමස්කස් නුවර ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇති අතර, ඒ සියලු ප්‍රහාරවල අරමුණ වී ඇත්තේ ඉරාන හිතෛෂි හමුදා කණ්ඩායම්, සිරියානු රජයේ වැදගත් ස්ථාන සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ජීවිතක්ෂයට පත් කිරීමය.