― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමෙහෙම ගියොත් අපිටත් හාන්සි වෙන්නයි වෙන්නේ - මහින්ද

මෙහෙම ගියොත් අපිටත් හාන්සි වෙන්නයි වෙන්නේ – මහින්ද

තමන්ගේ ආණ්ඩුවක් ආවොත් අනිවාරෙන්ම ජනතාවට සහන දෙන බවත් එසේත් නැතිනම් මේ බඩු මිල වැඩිවෙන ආකාරයට අපිටත් හාන්සි වීමට සිදුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ විදියට බඩු මිල වැඩි වුණොත් අපි හැමෝටම හාන්සි වෙන්න තමයි වෙන්නේ. ආණ්ඩුවෙන් ජනතාව යම් කිසි සහනයක් ලබාදිය යුතුටි. ආණ්ඩුවක් ඉන්නේ ඒකටනේ. ජනතාවට මේ වෙලාවේ සහන ලබාදෙන එක ආන්ඩුවේ යුතුකමක්. මං තාම දේශපාලනයෙන් සමුගෙන නෑ. වෛද්‍යවරුන්ට මෙහෙ සලකන විදිහ මදි හින්දයි ඔවුන් රට යන්නේ. මං කියන්නේ වෛද්‍යවරුන්ටත් ආණ්ඩුව විසින් යම්කිසි සහනයක් දිය යුතුයි. ජනතාවට දෙන සහන ගැන ජනපති එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ නෑ. අපේ ආණ්ඩුවක් ආවොත් ජනතාවට අනිවාරෙන් සහන දෙනවා.ඉදිරි මැතිවරණයට මම අනිවාරෙන් නායකත්වය දෙනවා.