― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalයතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

යතුරුපැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

ඊයේ (27) රාත්‍රියේ යාපනය සංගුපිඩ්ඩි පාලම අසළදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්වීම හේතුවෙන් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකු බරතල තුවාල ලබා තිබේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා පුනරීන් පොලීසියේ සිට යාපනය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සඳහා ගොස් ආපසු එමින් සිටියදී සංගුපිඩ්ඩි පාලම අසළදී යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ග බාධකයක ගැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනාම විසිවී ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් පුනරීන් හා යාපනය ප්‍රධාන මාර්ගය මුහුදුබඩ මාර්ගයක් වන බැවින් මාර්ගය දෙපස ගල් අසුරා තිබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා ගල්මතට වැටී බරපතල තුවාල ලැබීමෙන් එක් අයෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් පොලිස් නිලධාරියා රෝහල්ගත කොට ඇත.

එහිදී මිය ගොස් ඇත්තේ පුනරීන් පොලිස් ස්ථානයේ සේවය කරන ලද 24 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකු වූ 96618 කනකරත්නම් හරිහරන් නැමත්තා වන අතර අනෙක් පොලිස් නිලධාරියා බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවටද පරික්ෂණ සිදුකරන පුනරීන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.