26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාතික ලොතරැයි මණ්ඩලයෙන් ජනපතිට අලුත් ටිකට් දෙකක්

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ජනපතිට අලුත් ටිකට් දෙකක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘මෙගා මිලියනස්’ හා ‘මෙගා 60’ වෙළඳපළට නිකුත් කිරිම හා සුපිරි ත්‍යාග ලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) සිදු කෙරිණි.

ගොවිසෙත 3471 සහ 3477 වන දිනුම් වාරයන්වල සුපිරි ත්‍යාග ලාභීන් වන අතුරුගිරියේ එම්. ඒ. රසාංජි පෙරේරා මහත්මිය (රුපියල් 61,271,108.00) සහ මතුගම කේ. චමින්ද ජයවික්‍රම මහතා (රුපියල් 60,503,772.80) ජයග්‍රාහයකින් වෙත චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩල‍යේ සභාපති වෛද්‍ය චමීර. සී. යාපා අබේවර්ධන, අධ්‍යක්ෂ ආචාර්ය කිත්සිරි මංචනායක යන මහත්වරු ද සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර මෙනවිය ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.