― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalදක්ෂිණ අධිවේගයේ ගමනාගමනයට තවදුරටත් බාධා

දක්ෂිණ අධිවේගයේ ගමනාගමනයට තවදුරටත් බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව අප න්වාර්තාකරු පැවසීය.

ඊයේ රාත්‍රියේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස නායයෑම මීට හේතු වී තිබේ.

අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් නායයෑමට ලක්වීම හේතුවෙනුයි මෙලෙස ගමනාගමනය ඇනහිට ඇත්තේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු සිදු කරන බවයි.

ඊයේ පස්වරුවේ පැවති වර්ෂාපතනයත් සමග නායයෑම හේතුවෙන් පින්නදූව – ඉමදූව අතර 102 කිලෝමීටර් කොටසේ ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බලපෑම් එල්ල වුණා.

නමුත් මංතීරු 04න් මංතීරු 02ක් අද (12) දහවල් වන විට යථා තත්ත්වයට පත් කර ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව‍යි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

නායයෑම සිදු වූ ස්ථානය අද දින පරීක්ෂා කර බලා ඊට අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් ලබාදීමට ද කටයුතු කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ.

මේ අතර අදාළ නායයෑම සිදු වු අවස්ථාවේ එම ස්ථානය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ගොස් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 6 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

මේ අතර නායයෑමක් හේතුවෙන් ඕපනායක – මාදොල ප්‍රදේශයෙන් අවහිර වී තිබු බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.