29 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමහමග සිටි ගවයෙක් ලොරියකින් පැහැරගෙන යයි

මහමග සිටි ගවයෙක් ලොරියකින් පැහැරගෙන යයි

මහමග සිටි ගවයෙකු කිසියම් පිරිසක් විසින් රියකින් පැමිණ පැහැරගෙන ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වාද්දූව – තල්පිටිය ප්‍රදේශයෙන්.

අප වාර්තාකරු පැවසුවේ මහමග සිටි ගවයෙකු නාඳුනන පිරිසක් පැමිණ කුදලාගෙන යන ආකාරය අසළ සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව ඇති බවයි.

අද අලුයම 3ට පමණ වාද්දුව පොලිස් වසමේ තල්පිටිය ප්‍රදේශයට පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් දුම්රිය මාර්ගය අසළ සිටි ගවයකු ඉතා අමානුෂික ලෙස පටවාගෙන යන අයුරුයි කැමරාවේ සටහන් ව ඇත්තේ.

එම ලොරි රථය එම ස්ථානයෙන් කිහිපවතාවක්ම ගමන් කරන ආකාරය ද දැකගන්නට ලැබී තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ ලොරි රථය සොයා වාද්දූව පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.