― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිල්ගෙන් බොරතෙල් මිල ගැන අනාවැකියක්

රනිල්ගෙන් බොරතෙල් මිල ගැන අනාවැකියක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115කට පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (28) එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

ඉන්ධන මිල පවුම් දෙකකට ආසන්න ගණනකින් ඉහළ යනු ඇතැයි එංගලන්තයද නිවේදනය කර තිබෙන බව එහිදී පැවසූ හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නොබෝ දිනකින් ලංකාවට ඉන්ධන හිඟයකට මෙන්ම ඉන්ධන මිල ඉහළ යාමකටද මුහුණ දීමට සිදුවන බවයි.

ආණ්ඩුවේ අසමත්කම හමුවේ ජනතාව විකල්පයක් සොයමින් සිටින අතර ජාත්‍යන්තරයේද උපකාර ලබාගෙන ඉදිරියට යා හැකි විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාවට තේරුම් කර දිය යුතු බව රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.