27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශයක් දෙන්න පුෂ්පිකා පොලීසි යයි

චමුදිතට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශයක් දෙන්න පුෂ්පිකා පොලීසි යයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අද (28) පිළියන්දල පොලීසියට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ඇයට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබුණද කලින් යොදාගත් රාජකාරියක් හේතුවෙන් එදිනට පැමිණිය නොහැකි බව ඇය සිය නීතිඥවරු මාර්ගයෙන් පොලීසිය දැනුවත් කළාය.

ඒ අනුව අද (28) පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන දෙන ලෙස පොලීසිය කළ දැනුම්දීම අනුව ඇය මෙසේ සිය නීතිඥවරුන් සමග පොලීසියට පැමිණ තිබේ.