― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනින් බැබළවූ දිනේෂ්ට - ලෝකඩ දිනූ සමිතට රතුපලස මතදී හෙට උණුසුම් පිළිගැනීමක්

රනින් බැබළවූ දිනේෂ්ට – ලෝකඩ දිනූ සමිතට රතුපලස මතදී හෙට උණුසුම් පිළිගැනීමක්

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මාතාව රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පිරිස හෙට (7) කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් මව් බිමට සැපැමිණෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 455 ගුවන්යානයෙන් පස්වරු 5.10ට පැමිණෙන පැරාලිම්පික් කණ්ඩායම ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් රතුපලස මතින් උණුසුම් ලෙස පිළිගැනීමට නියමිතය. මේ පිළිගැනීමේ උත්සවයට පැරා කණ්ඩායමේ සාමාජිකයන් ද ඇතුළුව 40ක පමණ සීමිත පිරිසක් සහභාගි කරවන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත. ටෝකියෝ සිට හෙට පැමිණෙන ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 15ක පිරිසක් ඇතුළත්ව සිටිති. දිනේෂ් ප්‍රියන්ත හේරත් හා සමිත දුලාන් කොඩිතුවක්කු දෙදෙනා පමණක් පසුගිය 2 දා මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද ක්‍රීඩකයන් දෙදෙනාගේ ඉල්ලීම පරිදි හෙට දිනයට පැමිණීම වෙනස් කෙරිණි. ක්‍රීඩකයන් දෙදෙනා පවසා ඇත්තේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සමඟ පැමිණීමට අවස්ථාව උදා කර දෙන ලෙසය.

අද දිනයේ පිළිගැනීමෙන් පසුව දිනේෂ් ප්‍රියන්ත හේරත්ට කෝටි 5ක් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කුට කෝටි 2ක් පිරිනැමීමේ වෙනම උත්සවයක් පසුව සංවිධානය කෙරේ.

එම ක්‍රීඩකයන් දෙදෙනාගේ පුහුණුකරු වූ ජාතික හෙල්ල විසි කිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාට ක්‍රීඩකයන්ට හිමි වන මුදල මෙන් 25%ක් (රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක්) පිරිනැමීමට ද තීරණය කොට ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් වෙනුවෙන් වෙනම දිනකදී පැවැත්වෙන රාජ්‍ය මට්ටමේ විශේෂ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටියක මුදලක් හා ලෝකඩ පදක්කම හිමි කර ගත් සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් මිලියනයක මුදලක් පිරිනැමීම ද සිදු වේ.

ප්‍රින්ස් ගුණසේකර