31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ උසම මිනිසා මිය යයි

අමෙරිකාවේ උසම මිනිසා මිය යයි

අමෙරිකාවේ උසම මිනිසා ලෙස ගීනස් වාර්තා පොතට ගිය අඩි 7කුත්, අඟල් 8ක් සහ දශම 33ක් උසැති ඉගෝර් වොව්කොවින්ස්කි මිය ගිය බව වාර්තා වේ. 38 හැවිරිදි මේ පුද්ගලයා හෘදයාබාධයකින් මිය ගිය බව ඔහුගේ මව මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

ඔහු වසර 1989 දී යුක්රේනයේ සිට අමෙරිකාවේ මිනසෝටාවේ රෝචෙස්ටර් වෙත සංක්‍රමණය වූයේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. 27 හැවිරිදි වියෙහි පසුවෙද්දී ගීනස් සංවිධානය ඔහුගේ උස මැන බැලීමෙන් පසු නිල වශයෙන් අමෙරිකාවේ උසම පුද්ගලයා ඔහු බව ප්‍රකාශ කර තිබිණි. පිටියුටරි ග්‍රන්ථියේ ඇති වූ රෝගී තත්ත්වයකින් පසුවූ ඔහු ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයේ දී සහාය පළ කරමින් විවිධ උත්සව සඳහා සහභාගි වී ඇත.