― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබීටාගේ සහයෙන් කේරළ ගංජා තොගයක් අල්ලයි

බීටාගේ සහයෙන් කේරළ ගංජා තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

කිලිනොච්චිය ගනේෂපුරම් අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදීයි මෙම ගංජා තොගය පොලිසිය හසුවුණේ.

ඊට පොලිස් නිල සුනඛ බීටාගේ සහයෝගයද ලැබී තිබෙනවා.

සැකකරු සතුව තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 740 ක් පොලිස් භාරයට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මරුදන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.