28.4 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාත්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට තෙල් පෝලිම්වල ගාල් කරලා

රාත්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට තෙල් පෝලිම්වල ගාල් කරලා

ඉන්ධන අර්බුදය හමුවේ තෙල් නොමැතිව වාහන අතර මග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදු නොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු පෙන්වීමක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති තරුණ හමුවකට එක්වෙමිනි.

රාත්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට තෙල් පෝලිම්වල ගාල් කර ඇති බවත් ඉන්ධන අර්බුදය හමුවේ ධීවරයන් ඇතුළු බහුතරයක් ජනතාවට තමන්ගේ වෘත්තීන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ඇතිවීමට නියමිත ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් රටවල් සැලසුම් සකස් කරද්දී ලංකාව පමණක් එවැනි අර්බුදයක් ඇති නොවන බව සිතමින් කල්මරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.