27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් යුක්රේන හමුදාවේ 70ක් ජීවිතක්ෂයට

රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් යුක්රේන හමුදාවේ 70ක් ජීවිතක්ෂයට

යුක්රේනයේ හමුදා කඳවුරට එල්ල වූ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 දෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් තහවුරු කර තිබේ.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ දැනට රුසියානු හමුදා විසින් වටලනු ලබන සුමි ප්‍රදේශයේ ඔක්ටිර්කාහිදීය. සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

යුක්රේනයේ පාර්ලිමේන්තුව විසින් හමුදා භටයින්ට උපහාරයක් කරමින් ‘යුක්රේනයේ විරුවන්ට සදාකාලික මහිමය’ යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. ඔවුන් ග්‍රාඩ් මිසයිල ප්‍රහාරවලින් මිය ගිය බව පාර්ලිමේන්තුව ප්‍රකාශ කළේය.