― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමන්නාරම වෙරළට කැස්බෑ මළ සිරුරු ගොඩගසයි

මන්නාරම වෙරළට කැස්බෑ මළ සිරුරු ගොඩගසයි

මන්නාරම දකුණු මුහුදු තීරයට පසුගිය දින කිහිපයේදී මියගිය කැස්බෑ සහ ඩොල්ෆින් මාලු මළ සිරුරු ගොඩගසා ඇති බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

මන්නාරම දකුණු මුහුදු තීරයේ පිහිටි ශිලාවතුර ප්‍රදේශයටද මෙලෙස කැස්බෑ මළසිරුරු පසුගිය දින කිහිපයේදී ගොඩගසා ඇති අතර ඊට අමතරව අසාධ්‍ය තත්වයේ සිටි කැස්බෑවුන් කිහිපදෙනෙකුද ගොඩගසා ඇති බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.

මෙම මළසිරුරු ප්‍රදේශයේ ධීවරයින් දැක ඒ පිළිබඳව නාවික හමුදාවට දැනුම්දීමෙන් පසුව නාවික හමුදාව විසින් වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබේ.

පසුව වනජීවි නිලධාරීන් විසින් අදාළ ස්ථානයන්ට ගොස් නාවික හමුදාවේද සහයෙන් කැස්බෑ මළ සිරුරු එකතු කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස කැස්බෑවුන් සහ ඩොල්ෆින් මසුන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊට හේතු සෙවීම සඳහා එම සතුන්ගේ සුරුරු කොටස් පරික්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.