― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමං අපවත් වෙන්න කලින් මහනුවර අධිවේගය හදා දෙන්නැයි මල්වතු අනු නාහිමි ඉල්ලයි

මං අපවත් වෙන්න කලින් මහනුවර අධිවේගය හදා දෙන්නැයි මල්වතු අනු නාහිමි ඉල්ලයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර දෙනමෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් විසින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත ඉල්ලීමක් කර තිබේ.

තෝරයාය ශ්‍රී නන්දාරාම විහාරාධිපති දෙණිකේ ශ්‍රී සිරිනිවාස ආනන්ද හිමියන්ට “ධර්මකීර්ති ” ගෞරව නාමය සහිතව සත්කෝරල මහදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදුකරමින් අනුනායක හිමියන් මෙම ඉල්ලීම කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්

“මම මහාමාර්ග අමාත්‍යතුමන්ට කියනවා, මෙම මධ්‍යම පළාත් අධිවේගී මාර්ග පද්ධතිය මධ්‍යම පළාතට තියෙන සුවිශේෂී දෙයක් කියලා. මම ඊයේ දින මාතරට යන්න ගියා. කඩවතට පැය දෙකක් ඇතුළත මට පැමිණෙන්න පුළුවන් වුණා. අපි නුවර ඉදන් කොළඹට යන්න ගියාම පැය 4කටත් වැඩිය යනවා. ඔබතුමා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස ජනතාවට කරන්නා වූ මෙහෙවර අගය කොට සලකනවා.”

“මේ මාර්ගවල වාහන යද්දී වාහනයක් ඉස්සර කරගන්නවත් බැරි තරමට මේ මාර්ග ඉතාමත් පටුයි. අපි නුවර ඉඳන් කොළඹට යන්න ගියාම පැය හතරක් යනවා. සමහර විට ඊටත් වැඩියි. ඉතින් අපේ මධ්‍යම පළාතේ මැති ඇමතිවරු නිදිද දන් නැහැ කියල මම කලිනුත් කිව්වා. මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ඔබතුමාට මම මතක් කරන්නේ කොළඹ අගනුවර වගේම නුවර දෙවැනි නගරය හැටියට කෝ අපිට යන්න මාර්ගයක්. එක පිටිපස්සේ එක තියාගෙන යන මාර්ගයක් තමයි අපිට තියෙන්නෙ. එකකටවත් ඉස්සර කරන්න බැහැ. පාර පුංචි නිසා. මටත් අවුරුදු අසූ එකක් වෙනවා දැන්. ඒක නිසා ඔබතුමාවත් අපිව අපවත්වීමට ඉස්සෙල්ලා හදලා දෙන්න. මට නුවරට හැදෙන හයිවේ එකේ යන්න පුළුවන් වෙයිද දන්නෑ. මහනුවර සිට කොළඹට අධිවේගී මාර්ගය හදල දෙන්න. මට නැති වුණාට කමක් නැහැ. මේ ජනතාවට අධිවේගී මාර්ගය හදලා දෙන්න මොන ක්‍රමයකින් හරි. දැන් හදලා තියෙන ටික එහෙටත් නෑ මෙහෙටත් නෑ. ඒක නිසා මේ මධ්‍යම අධිවේගී මාර්ගය හදලා දෙන්න කියලා කියනවා. අපි හැමදාම මේ කාරණය මතක් කරනවා. මේ කාරණය මතක් කරමින් ඔබ සැම දෙනාට ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා.”

මෙහිදී අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

“අපේ අනුනායක හාමුදුරුවෝ අධිවේගී මාර්ගය ගැන කතා කෙරුවා. අනු නායක හාමුදුරුවනේ අධිවේගී මාර්ගය 2014 නොවැම්බර් මාසේ ගලගෙදර, කුරුණෑගල, දඹුල්ලේ මුල්ගල තියලා පස්වෙනි විධායක ජනාධිපතිතුමා කොන්ත්‍රාත් සියලුම දේවල් ප්‍රදානය කරලා එතුමා පැරදුනාට පස්සේ ඒ සියළුම දේවල් අවලංගු කෙරුවා. අවලංගු කලේ නැත්නම් 2018 ගිය ආණ්ඩුවට විවෘත කරන්න තිබුණා. ඒ ගොල්ලෝ හදපු විදියට විවෘත කරන්න තිබුණා. හැබැයි එතුමාගෙන් පලිගන්න ගිහින් මේවා ඔක්කොම අවලංගු කරලා, 2017 එතුමන්ලා ආරම්භ කළා 1, 2 කියලා කොටස් දෙකක් කඩවත ඉඳල මීරිගමට සහ මීරිගම ඉඳල කුරුණෑගලට. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා මාස තුනෙන් කඩවත සිට මීරිගම තමයි ඉස්සෙල්ලම දුන්නේ. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනනකල් බිලියන 36ක් දෙන්න තිබුණා. ඒක ගෙව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආවට පස්සේ. ඉතිරිය එක්සීම් බැංකුවෙන් ගත්ත ණයක්. අපේ රජය බලයට පත්වුණු ගමන්ම කඩවත සිට මීරිගම වැඩකටයුතු වලට බිලියන 36ක් අපි ලබා දුන්නා පලවෙනි දින 60 ඇතුලත. මම පුළුවන් තරම් මේක ඉක්මන් කරන්න හැප්පි හැප්පි කටයුතු කරන්නේ මේ වැඩේ ඉවර කරන්න. ඊළඟට මීරිගම ඉඳල කුරුණෑගලට දුන්නා, මම දැක්කා අනුනායක හාමුදුරුවෝ ඒ පාර ඇවිල්ල බලනවා. ඒකත් උසාවි ගිහිල්ලා, උසාවි නියෝගයක් ගත්තා අහවල් දවසේ ඉවර කරන්න ඕනේ කියලා. ඒ නිසා අපිට පුළුවන් උනා ඒකේ කිලෝමීටර් 40 අවසන් කරලා විවෘත කරන්න. ඔබවහන්සේත් එම මාර්ගයේ ගමන් කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා.”

“එමෙන්ම පොතුහැර ඉඳලා රඹුක්කනට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සෘජු කොන්ත්‍රාත් ක්‍රමයට මහා මාර්ග දෙපාර්තමේන්තුව හරහා අපි වැඩ ආරම්භ කෙරුවා. දැන් වැඩ යනවා. ඊළඟට ඊයෙ පෙරේදා ලොකු චෝදනාවක් කලා බිලියන ගානක් හොරකම් කරනවා කියලා. ඒ ඉතුරු කිලෝමීටර් විස්සට නුවර දක්වා අවසන් කරන්න. මම විශ්වාස කරනවා ඒක ඉදිරි සති දෙකක් යනකොට අස්සන් කරන්න පුළුවන් වෙයි කියලා. කනගාටුවට කරුණ ඒ හැම දෙයක්ම පරක්කු කරන්න තමයි හදන්නෙ. විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මේ  අධිවේගී මාර්ග කන්නද කියලා. කුරුණෑගල අධිවේගී මාර්ගයේ විතරක් කෝටි දහයකට වැඩි සල්ලි දීලා අපේ ජනතාව ගමන් කරලා තියෙනවා. ඔබවහන්සේ දන්නවා කඩවතින් ඇතුල් වුණහම කෙලින්ම හම්බන්තොට ගිහින් බහින්න පුළුවන් කියලා. ගෝඨාභය ජනාධිපති තුමාගේ නියෝගය මත 2024 වනවිට නුවරට අධිවේගී මාර්ග හදන ඉවර කරන්න ඕන. අනිවාර්යෙන්ම මේක හදලා ඉවර කරනවා. අනිවාර්යෙන්ම අපි එක හදලා දෙනවා. කොවිඩ් කොවිඩ් කියලා අපි කිසිම සංවර්ධන ක්‍රියාවලිය නතර කරේ නැහැ. අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටට ඩොලර් එවපු, අපි රටවිරුවෝ කියපු අය, ඒ රටවල් වල මිනිස්සු මැරෙද්දි අපි අපේ රටට රට විරුවන්ව ලංකාවට ගෙනාවා. දැන් ලක්ෂ දෙකක් ආපසු ගිහින්. එතකොට අපිට මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපේ ආදායම් වැඩිකරලා වියදම අඩු කරල කොහොම හරි මේ රට සංවර්ධනය කරනවා. නිසි වෙලාවට පඩි ගෙවනවා. ඒ නිසා නිසි වෙලාවට වැඩ කරලා තමන්ගේ කාර්යභාරය හරියට ඉටු කෙරුවනම් ප්‍රශ්න විසදෙනවා. අපි කැප වෙනවා මේ අධිවේගී මාර්ගය දළදා වහන්සේ වඳින්න පුළුවන් විදිහට විශේෂයෙන්ම බෞද්ධ ජනතාව සහ විදේශිකයන්ට අපි 2024 ජනාධිපතිතුමා ගේ නියෝගය පරිදි අපි හදලා ඉවර කරනවා. ඉඩම් සියයට අනුවක් පවරගෙන ඉවරයි. ගෙවීම් කරලා තියෙන්නේ. තව සියයට දහයක් පමණ ගෙවන්න තියෙනවා. ඒකත් ඉක්මනින් අවසන් කරනවා. නුවර අධිවේගී මාර්ග හැදිලා ඉවර වෙනකම් නායක හාමුදුරුවනේ අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. මමත් පුදුම ආසාවෙන් එන්නේ මීරිගමට වෙනකම්, කුරුණෑගල අධිවේගී මාර්ගයෙන් කුරුණෑගලට එන්න. අධිවේගී මාර්ග නිසා කාලෙ කොච්චර ඉතුරු වෙනවද? අපිට නුවරටත් ඉක්මනින් යන්න පුළුවන් වුනොත් විශාල දියුණුවක් මේ පළාතට සිද්ධ වෙනවා.”