― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදුන් ණය ඉල්ලුවැයි ණයහිමියාට පිහි පහරක්

දුන් ණය ඉල්ලුවැයි ණයහිමියාට පිහි පහරක්

කළුතර නගරයේ එළවළු වෙළෙඳුන් දෙදෙනකු අතර ඇති වූ ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් දුරදිග ගිය කතාබහකින් පසුව ණයගැති වෙළෙන්දා විසින් ණයහිමියාට පිහියකින් පහර දී තිබෙනවා.

ණයගැති පුද්ගලයා විසින් තමාට ණය මුදල ලබා දුන් වෙළෙන්දාගේ හිසට දෙවරක් ලූණු සුද්ද කරනු ලබන පිහියෙන් ඇන ඇති බවයි හෙළි ව ඇත්තේ.

පහරකෑමෙන් තුවාල ලැබූ ණයහිමි වෙළෙන්ඳා තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස පහරකෑමට ලක් ව තුවාල ලබා ඇත්තේ කළුතර – හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්.

පහරකෑමට ලක් වූ පුද්ගලයා සැකකරුට රුපියල් 7000ක මුදලක් ණයට ලබා දී ඇති අතර ඔහුගෙන් යළිත් ණය පියවීමක් ලෙසට රුපියල් 5000ක මුදලක් ලැබී ඇති බවත් හිලව්ව තිබූ රුපියල් 2000 මුදල යළි ඉල්ලූ අවස්ථාවේ දී මෙලෙස පහර දී ඇති බවත් හෙළි ව තිබෙනවා.

මෙලෙස පහර දුන් ණයගැති වෙළෙන්දා පොලිස් අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.