― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහරක් කටාට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීමට අවසර

හරක් කටාට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීමට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තකට සුපිරි වෙළදසැලකින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දී තිබේ.

හරක් කටා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (19) මෙම අවසරය ලබාදී ඇත්තේ.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හරක් කටා රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධාරියෙකු හරහා එය සිදුකරන ලෙසයි.