ඉන්ධන මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය බාරගෙන ඇති බවයි.
“ඛනිජ තෙල් සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය විසින් බාරගනු ලැබුවා. ඒ වගකීම ආවරණය කිරීම සඳහා ජනවාරි 1 වැනි දා සිට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පැනෙව්වා. නමුත් අදාළ ඉලක්කයට යන්න බැරිවුණ නිසා ජුනි මාසයේදී තවත් 25 ක බද්දක් පැනෙව්වා. ඒක වගකීම් ටික දරා ගැනීම වෙනුවෙන් අය කරපු මුදලක්. මේක ජුනි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් මිල වැඩි නොවන බව කියන්න කැමතියි. නැත්නම් එක එක කතා කියන්න පුළුවන් නෙ.“