27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහොර 5000 නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

හොර 5000 නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

එකම අංකය දැක්වෙන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 05ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

කතරගම, කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු තිස්සමහාරාම පොලීසිය වෙත භාර දී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා පසුගිය වසරේදීද ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් හා ප්‍රින්ටරයක් සමග අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු බවයි.