― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි බිල වැඩි කිරීමට අවසර ලැබෙයි

විදුලි බිල වැඩි කිරීමට අවසර ලැබෙයි

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ විදුලි බිල ඉහළ නැංවීමට අවසරය ලබා දී ඇති බවයි.

එය ඉහළ නැංවෙන ප්‍රතිශතය ඉදිරියේදී ප්‍රකාශ කෙරෙනු ඇති.

මෙලෙස මෙරට තුළ මෙම වසරට අදාළ ව විදුලි බිල මෙවර වැඩිවන්නේ අඛණ්ඩ ව තෙවැනි වරට යි. මෙවර විදුලි බිල සංශෝධනය තුළ එය සියයට 18කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පසුගියදා මහජන උයපයෝගීතා කොමිසමේ මණ්ඩලයක් විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වමින්, මහජන අදහස් විමසා සිටියා.

මේ අතර විදුලි බිල වැඩිවීමට එරෙහිව අද දිනයේ දී ඇඹිලිපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත පන්දම් විරෝධතාවක් ද පැවැත්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වනවා.