26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsටී 56ක් සමඟ හිමිනමක් අත්අඩංගුවට

ටී 56ක් සමඟ හිමිනමක් අත්අඩංගුවට

ටී – 56 මැගසින් 2ක් සහ උණ්ඩ 161 තොගයක් සමඟ රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් බවයි.

විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම්දීමක් මත මෙම සැකකාර ශිෂ්‍ය භික්ෂුව, මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග පොලිස් භාරයට ගෙන ඇත.