― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහැටන් ඩිපෝවේ යකඩ කැබලි සොරාගත් සේවකයින් අල්ලයි

හැටන් ඩිපෝවේ යකඩ කැබලි සොරාගත් සේවකයින් අල්ලයි

හැටන් ලංගම ඩිපෝවේ යකඩ කැබලි සොරකම් කළ දික්ඔය නගර සභාවේ සේවකයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ හැටන් ලංගම ඩිපෝවේ දිනපතා ඉවතලන කැලිකසළ රැගෙන යාමට පැමිණි නගර සභාවේ කම්කරුවන් පස්දෙනෙකු හැටන් පොලිසිය විසින් ට්‍රැක්ටර් රථය සමග ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකාර සේවකයින් පස්දෙනා ඊයේ පස්වරුවේ ඩිපෝව තුළට ගොස් එහි ඉවත දමා තිබු කැලිකසළ ට්‍රැක්ටර් රථයට දමා ගන්නා අතරතුර ඩිපෝවේ එක්පසක ගොඩ ගසා තිබු යකඩ කිලෝග්‍රෑම් 38ක් සුක්ෂ්ම ලෙස පැමිණි ට්‍රැක්ටරයට දමාගෙන රැගෙන යන බවට ඩිපෝ ආරක්ෂක අංශ නිලධාරින් විසින් පොලිසියට දැනුම්දී තිබෙනවා.

සොරාගන්නා ලද යකඩ අලෙවි කිරිමේ අරමුණින් ඉතා සූක්ෂ්මව මෙය සිදු කර ඇති අතර සේවකයින්ගේ වැඩ තහනමක් පැනවීමටයි දික්ඔය නගර සභාවේ ලේකම්වරයා කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (20) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.