28.9 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ටිපර් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පියතුමෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හොරොව්පතාන – ත්‍රිකුණාමලය මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදී අද (01) උදැසන 9.30 පමණ එම අනතුර සිදුව තිබුණි. 

අදාළ අනතුරින් මෝටර් රථය පැදවූ 48 හැවිරිදි පියතුමා එම ස්ථානයේදීම මියගොස් තිබේ.

ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

වව්නියාව සිට හොරොව්පතාන දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථය ඊට විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ ගැටී තිබුණි.

පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් එය පාලනයෙන් ගිලිහි ගොස් ටිපර් රථයයේ ගැටී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් හොරොව්පොතාන, රත්මලේ පදිංචිකරුවකු වන ටිපර් රථ රියදුරු ⁣අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත්වරයාට වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.