26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකමාන්ඩෝ ඇඳුම් අන්දවා හරක් කටා CIDයෙන් පන්වීමේ සැලසුමක් එළියට

කමාන්ඩෝ ඇඳුම් අන්දවා හරක් කටා CIDයෙන් පන්වීමේ සැලසුමක් එළියට

ප්‍රබල පාතාල කල්ලි නායක හරක් කටා හෙවත් නඳුන් චින්තක ව බේරා ගැනීම සඳහා සූක්ෂම මෙහෙයුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුවන බවට වාර්තා වී තිබෙනවා.

මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරනු ලබන ආකාරයේ ප්‍රහාරයකට පිඹුරුපත් සකසමින් සිට ඇති බවටයි ඊයේ දිනයේදී අනාවරණය වී ඇත්තේ.

මෙම බරපතල අපරාධ ගණයේ වැරදි කරනු ලැබූ අදාළ සැකකරුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේවෙතත් ඉහත කරුණ සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හට විශේෂ වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

හරක් කටා හට කොමාන්ඩෝ ඇඳුම් අන්දවා රැඳවුම් පරිශ්‍රයෙන් පිටත් කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ. මෙම සිද්ධිය පිළිබඳ ව වැඩිදුර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.