27.2 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටුව අධිකරණයේ රෙජිස්ටාර්වරිය යළි රිමාන්ඩ්

කොටුව අධිකරණයේ රෙජිස්ටාර්වරිය යළි රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුලු සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි සැකකරුවකුට රටින් පිටවීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම රෙජිස්ට්‍රාර්වරිය පසුගිය 13 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.