මැලේසියාවේ දී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් ශ්රී ලාංකික යුවළගේ දේහයන් මේ වනවිට දිවයිනට රැගෙනවිට තිබෙනවා.
ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද (28) අලුයම 2.20ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි යූ.එල්. 319 දරණ ගුවන් යානයෙන් මෙම දේහයන් දෙක මෙරටට රැගෙන ආ බවයි.
මැලේසියාවේදී පසුගිය 21 වැනිදා සිදු වූ රිය අනතුරකින් වෘත්තියෙන් ඉංජිනේරුවන් දෙපළක් වන මොවුන් දෙදෙනා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණා.