23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහදිසි සෝදිසි මෙහෙයුමකදී බූස්ස බන්ධනාගාරයෙන් හමු වූ දේ

හදිසි සෝදිසි මෙහෙයුමකදී බූස්ස බන්ධනාගාරයෙන් හමු වූ දේ

බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් ඉතා සුක්ෂම ලෙස සිර මැදිරි තුළ සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන සහ උපාංග පොලිස් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බූස්ස කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මෙම හදිසි සෝදිසිය සිදු කර ඇත්තේ.

මෙම මෙහෙයුමේදී A හා D වාට්ටු තුල සූක්ෂම ලෙස සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන 02ක්, සිම් පත් 02ක් සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 02ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒවා ඉදිරි විමර්ශන කටයුතු සදහා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරීවරයාගේ කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.