― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉස්තාන්බුල් හා කටුනායක අතර සෘජු ගුවන් ගමන් අරඹයි

ඉස්තාන්බුල් හා කටුනායක අතර සෘජු ගුවන් ගමන් අරඹයි

තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඒ අනුව තුර්කි ගුවන් සේවයේ ටී.කේ. – 730 දරණ ගුවන් යානය අද (30) උදෑසන 05.40 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් සේවා සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සෑම සතියකම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මකයි.

මේ අතර 2024 වසරේ සිට සතියේ දින හත තුළම තුර්කි ගුවන් සේවා යානා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ආපසු තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය ගුවන් යානයයෙන් මගීන් 209 දෙනෙකු පිටත්ව ගියා.

මීට වසර 10ක පමණ කාලයක සිට තුර්කි ගුවන් සේවය මාලදිවයින හරහා කටුනායක ගුවන්තොටුපොළ වෙත තම ගුවන් සේවා පවත්වා ගෙන ගොස් තිබුණා.

මෙලෙස ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමත් සමඟ තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යන බවයි සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ.