― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

නීති විරෝධි ලෙස ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම අනුමත නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ මැදපෙරදිග ගැටුම්වලට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම නීති විරෝධී ක්‍රියාවන් සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදක්වන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.