― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්දීය මුදල් ඇමතිනිය අද මෙරටට

ඉන්දීය මුදල් ඇමතිනිය අද මෙරටට

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් අද මෙරටට පැමිණීමට නියමිතයි.

ඇය මෙරට පැමිණෙන්නේ විශේෂ වැඩසටහනකට එක්වීමට බවටත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට පැමිණ පදිංචි වූ ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාව විසින් හෙට දිනයේ දී විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා. මෙය පැවැත්වෙන්නේ කොළඹ අර්. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී වන අතර එය සංවිධානය කරන්නේ ලක් රජය විසින්.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තිය මෙන්ම ප්‍රධාන දේශනය නැතහොත් ‘සීතාරාමන් දේශනය’ හෙට පැවැත්වෙන NAAM 200 වැඩසටහනේදී සිදු කෙරෙනු ඇති.

ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් මේ වනවිට ගතවීම නිමිත්තෙනුයි මෙය පැවැත්වෙන්නේ.