29 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමන් නොදන්නා දේ ප්‍රකාශ නොකරන්න

තමන් නොදන්නා දේ ප්‍රකාශ නොකරන්න

ඥානසාර හිමිගෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට විවෘත ලිපියක්

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය විවේචනය කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ඊයේ (06) දින විවෘත ලිපියක් යවමින් තමන් නොදන්නා දේ ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා සිටී.

එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

“2015 වසරේ අන්තවාදී කල්ලි සියල්ල එකතු කරගෙන යහපාලන රජය නිර්මාණය කළා. පසුව අන්තවාදී ත්‍රස්තවාදයට වැඩෙන්නට ඔවුන් සහයෝගය දුන්නා. යහපාලන රජය සමයේ පාස්කු දා ප්‍රහාරය පිළිබඳව කිසිවක් නොකළ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා දැන් ඒ පිළිබඳව විවිධ දේ ප්‍රකාශ කරනවා. මා ඇතුළු බොදු බල සේනා කණ්ඩායම දීර්ඝ කාලයක සිට අන්තවාදයෙන් සිදු වන හානිය පිළිබඳව රට දැනුම්වත් කළා.

යහපාලන කාලයේ අන්තවාදී ත්‍රස්තවාදයට වැඩෙන්න උදව් කළ පිරිස් වර්තමානයේ කිඹුල් කඳුලු හෙළනවා. ත්‍රස්තවාදීන්ට මුදල් පොම්ප කර කටාර් ෆන්ඩ් කොළඹ කාර්යාලය විවෘත කළේ දැන් සමඟි ජන බලවේගයේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ නායක සජිත් ප්‍රේමදාස මහතා.

ත්‍රස්තවාදීන්ට තිබු ලොකුම බාධක ටික යහපාලකයන් නිහඬ කළා. හකීම්, බදියුදීන්, අසාද් සාලි, මුජිබුර් පොලිසිවලට ගිහිල්ලා ඉහළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන තත්ත්වයට ආරක්ෂක අංශවල කොඳු කැඩුවා. අපව හිරේ දාලා ත්‍රස්තවාදීන්ට වැඩෙන්න අවස්ථාව දෙන්න වැඩ කළේ දැන් මොකුත් දන්නේ නෑ වගේ ඉන්න සමඟි ජන බලවේගයේ එවක ඇමැතිලා. හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ඒ කාලයේ ඒවාට විරුද්ධ වුණාද?

මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය අන්තවාදී තත්ත්වයට පත්වීමට විදේශීය ත්‍රස්ත සංවිධානවල බලපෑම තිබෙන බව හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා දැනගෙන නොසිට අපට ඇඟිල්ල දිගු කිරීම ඉතාමත් හාස්‍යජනකයි.

බුද්ධි අංශ විනාශ කර පාස්කු දා ප්‍රහාරයට පාර කපා දුන්නේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා නියෝජනය කළ යහපාලන නායකයන් කියලා ඔහුට මතක් කර දෙනවා.”

උපාලි කරුණාරත්න