― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News187, 188 මාර්ගයේ බස් රථ වර්ජනයක්

187, 188 මාර්ගයේ බස් රථ වර්ජනයක්

ගම්පහ අංක – 01 කාර්යාලයේ ධාවන කළමනාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එරෙහිව මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපොළ – කොටුව, ජා ඇළ – කොටුව, මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද උදෑසන 07 සිට මෙම වර්ජනය බස් රථ ධාවනයෙන් ඉවත් වීමත් සමග සිදු වූ බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ ප්‍රකාශ කළ බවයි.

ස්ථිර සහ අතුරු ගමන් වාර ලබාදීමට බස් රථ හිමියන්ගෙන් සහ බස් රථ සේවකයින්ගෙන් අල්ලස් ඉල්ලීම, දිස්ත්‍රික්කය තුළ ධාවනය සඳහා බස් රථ අතිරික්තයක් පවතිද්දීත්, නව බස් රථ සදහා ටෙන්ඩර් කැඳවා තිබීම, ගම්පහ දිස්ත්‍රික් වේලා සටහන්කරුවන්ගෙන් සහ මාර්ග පරීක්ෂකවරුන්ගෙන් අල්ලස් ඉල්ලීම යන සිදුවීම්වලට එරෙහිවයි මෙම බස් රථ වර්ජනය සිදු කරන්නේ.