වසර 10කට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ලැයිස්තුගත විය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණකද භාවිතා කිරීම මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන බවයි.