― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහෙට සිට රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

හෙට සිට රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බවයි.

ඒ අනුව හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වනු ඇති.

එළඹෙන 03 වැනිදා උතුරු පළාතේත්, 06 වැනිදා වයඹ පළාතේත්, 07 වැනිදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු අවධාරණය කළේ.

මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේ මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ 08 වැනිදායි.

09 වැනිදා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිත අතර 10 වැනිදා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛදවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.