30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහෙට උතුරේ රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

හෙට උතුරේ රජයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක

හෙට (03) දිනයේ උතුරු පළාතේ සියලුම රෝහල් ආවරණය වන පරිදි සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව හෙට (03) උදෑසන 8.00 සිට පැය 24ක් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කළා.

පළාත් නවයම ආවරණය පරිදි දිනෙන් දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වෛද්‍ය වර්ජනය ලබන 10 වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මෙම වර්ජනය ආරම්භ කරමින් අද (02) දිනයේ ඌව පළාත තුළ ඇති රෝහලවල සියලුම වෛද්‍යවරු පෙරවරු 8.00 සිට සංකේත වැඩ වර්ජනක නිරත වනවා.

ඌව පළාත තුළ ක්‍රියාත්මක මෙම වෛද්‍ය වර්ජනය හෙට (03) උදෑසන 7.00ට අවසන් වීමට නියමිතයි. සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම වළක්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට ඇතුළු තවත් ගැටළු කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍යවරුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා.