27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසභාපතිට ගෙදර යන්න කියා මිල්කෝ සේවකයෝ පාරට බසී

සභාපතිට ගෙදර යන්න කියා මිල්කෝ සේවකයෝ පාරට බසී

නාරාහෙන්පිට පිහිටි මිල්කෝ ආයතනයේ ඉදිරිපිටට පැමිණි මිල්කෝ ආයතනයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සේවකයින් අද (02) දහවල් විරෝධතාවයක නිරත වුණා.

වර්තමාන සභාපතිවරයා යටතේ ආයතනය අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත්වූ බවත් රේණුක පෙරේරා සභාපතිවරයා විසින් සිදුකරන පාලනය දූෂිත බවත් පවසමිනුයි ඔවුන් මෙම විරෝධතාවේ නිරත වන්නේ.

වර්තමාන සභාපතිවරයාව ආයතනයෙන් පන්නා දමන තුරු අඛණ්ඩව විරෝධතා දක්වන බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති කියා සිටින්නේ.

මෙය රජයට එරෙහි විරෝධතාවක් නොවන බවත් ආයතනයේ දියුණුව වෙනුවෙන් සභාපතිවරයා පන්නා දැමීමට ගන්නා ක්‍රියාමාර්ගයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.