― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමත්පැන් සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

හිඟ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙනුයි මෙලෙස එම නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවා ඇත්තේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පැවසුවේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවයි සුරාබදු කොමසාරිස්වරයා අවදාරණය කළේ.