― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsගාසා තීරයේ සිරවූ ලාංකිකයින් 11ක් ඊජිප්තුවට

ගාසා තීරයේ සිරවූ ලාංකිකයින් 11ක් ඊජිප්තුවට

ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනාගෙන් 11 දෙනෙකු මේ වනවිට ඊජිප්තුවට පැමිණ ඇති බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි.

රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් මේ වනවිට එරට හෝටලයක රැඳී සිටින බව එම කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ ප්‍රකාශ කළේය.

ඔවුන් ශ්‍රී ලංකාවට එවීම සදහා අවශ්‍ය කටයුතු ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රැදී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබුණි.