26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිරෝද රියේ අමතකව ගිය ලක්ෂ 02ක් යළි හිමිකාරිනියටම දුන් රියදුරා

ත්‍රිරෝද රියේ අමතකව ගිය ලක්ෂ 02ක් යළි හිමිකාරිනියටම දුන් රියදුරා

තම ත්‍රීරෝද රථයේ අමතක ව ගිය රුපියල් ලක්ෂ 200,000කට ආසන්න මුදලක්, නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දූරකථනයක් සහ වැදගත් ලියකියවිලි රැසක් අඩංගු ව තිබූ කාන්තා අත් බෑගයක් පැය 24ක් තුළ එහි හිමිකාරිනිය සොයා භාරදීමට කැකිරාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකුට හැකි ව තිබෙනවා.

මෙම අගය කළ යුතු ක්‍රියාව සිදු කර ඇත්තේ කැකිරාව – ඔළුකරද ගම්මානයේ පදිංචි එන්.පී.පාලිත පීරිස් නම් වූ 48 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම අත් බෑගයේ හිමිකාරිනිය ත්‍රීරෝද රථයේ ගමන් කර ඇති බවත්, ඇයට සිය බෑගය අමතක වී බැස ගොස් ඇති බවත් හෙළි ව තිබෙනවා.

පසුව එහි රියදුරු විසින් එම අත් බෑගය කැකිරාව පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් භාර දී ඇත්තේ එය හිමිකාරිනිය සොයා භාරදෙන ලෙස පවසමින්.

මෙම අත් බෑගයේ හිමිකාරිනිය ඉපලෝගම – මහමීගස්වැව ප්‍රදේශයේ පදිංචි ව සිටින එස්. දයාවතී නම් වූ 53 හැවිරිදි කාන්තාවක්.

මෙම ත්‍රීරෝද රථ රියදුරු කැකිරාව පොලිසියේ ද සහාය ඇති ව හිමිකාරිනියට එම අත් බෑගය යළි පිළිගැන්වීමට කටයුතු කර තිබෙනවා.