26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකිරිඳිවැල එක්දරු මවක් ඝාතනය කරලා

කිරිඳිවැල එක්දරු මවක් ඝාතනය කරලා

කිරිඳිවැල – මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ඇයගේ නිවස තුළදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. මරණකාරියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය සිදු කර තිබෙනවා.

කිරිඳිවැල පොලිසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරුදි එක් දරු මවක් බවයි. ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බවටද තොරතුරු වාර්තා වනවා.

අවුරුදු එකහමාරක් වන සිය දියණිය, සැමියාගේ මව, පියා සහ සහෝදරයා සමගයි ඇය මෙම නිවසෙහි පදිංචි ව සිට ඇත්තේ.

ඝාතනයෙන් පසුව සැමියාගේ සහෝදරයා හෙවත් මස්සිනා නිවසින් අතුරුදන්ව ඇති බවත් වාර්තා වනවා. ඝාතනයට මෙතෙක් හේතුවක් හෙළි වී නොමැති අතර මෘත දේශය වතුපිටිවල මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.