― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඉවතට

ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඉවතට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරෙන් ඉවත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත සඳහන් කළේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු ඉවත් කළ බවයි.

ඒ අනුව වෛද්‍ය විජිත් ගුණසේකර සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවූ බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය.

ඒ අනුව එහි සභාපතිවරයා පසුගියදා ඉවත් කළ අතර එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි.