26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් යන අතරමගදී ඇදවැටුණු සිසුවා ජීවිතක්ෂයට

පාසල් යන අතරමගදී ඇදවැටුණු සිසුවා ජීවිතක්ෂයට

කොබවක, ගෝවින්න ප්‍රදේශයේ පාසල් සිසුවෙකු මාර්ගයේ ඇද වැටීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙම සිසුවා අද (09) උදෑසන පාසලට යන අවස්ථාවේදී නිවස අසළ මාර්ගයේ ඇද වැටීමෙන් අනතුරුව හොරණ රෝහලට ඇතුළත් කළ බවයි.

කෙසේනමුත් මෙම සිසුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමේ ජනපද පාර, කොබවක, ගොවින්න ලිපිනයේ පදිංචි 12 හැවිරිදි සිසුවෙකි.

සිසුවා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද හොරණ දිස්ත්‍රික් රෝහලේදී සිදු කිරීමට නියමිතය.