― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව රැස්වෙයි

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව රැස්වෙයි

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය 2023 ඔක්තෝබර් 28 හා 29 යන දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

‘2024 අයවැය සඳහා තරුණ යෝජනා’ යන තේමාව ඔස්සේ පළමුවැනි දින විවාදය පැවැත්වුණු අතර, දෙවැනි දින විවාදය පැවතියේ ‘දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකා තාරුණ්‍යයේ කාර්ය භාරය’ යන තේමාවෙන්.

මෙහි පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගී වූ අතර දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වී තිබෙනවා.

මීට අමතරව විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක සහ ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම යන මහත්වරු සහභාගි වුණා.

මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩි වටිනාකමක් ලබාදීම සඳහා ජාතික තරුණ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත මීට පෙර සැසිවාරයේ දී තමා ලබා දුන් පොරොන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා වන අවසන් අදියරේ ක්‍රියාමාර්ග මේ දිනවල සිදු කරමින් සිටින බවයි. මීළඟ තරුණ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් පත්වන්නේ එම පනත තුළින් බව ද ඔහු සඳහන් කළා.

තවද ඉදිරි තරුණ පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා දේශපාලනය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, අන්තර්ජාතික සබඳතා ආදී විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරදි විශේෂ ඩිප්ලෝමාවක් හඳුන්වාදීම සඳහා ජාතික තරුණ දේශපාලන විද්‍යායතනය පිහිටුවීමට තමා දුන් පොරොන්දුව ද ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ‍රොෂාන් රණසිංහ මහතා කියාසිටියේ ජාතික පාර්ලිමේන්තුවට අනාගතයේ දී තේරී පත්වන නියෝජිතයන් මනා ලෙස පුහුණු කිරීමක් සිදු කළ යුතු බවත්, යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත හා දේශපාලන විද්‍යායතනය ඒ සඳහා ඉතා කාලෝචිත පියවරයන් වන බවයි.

එමගින් අනාගතයේදී මනා දැනුමකින් යුතු ජනතා නියෝජිතයන් පිරිසක් රටට දායාද කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා. එසේම තරුණ තරුණියන් ව්‍යවසායකයින් ලෙස බලගැන්වීම යුගයේ අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් මෙරට තරුණ්‍යය අද වන විට මුහුණදෙන ප්‍රබලතම ගැටලුවක් වන විරැකියාව තුරන් කිරීමට හැකිවන බවයි කියාසිටියේ.

තවද, ජනාධිපතිතුවරයාගේ හා අමාත්‍යතුවරයාගේ උපදෙස් මත, අයවැය යෝජනා පිළිබඳව තරුණ තරුණියන්ගේ අදහස් විමසා බැලෙන මීළඟ තරුණ පාර්ලිමේන්තුව නොවැම්බර් මස 18 හා 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න වැඩිදුරටත් සඳහන් කළා.