― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබෙහෙත් පෙති 02ක් සිර වී දැරියක් ජීවිතක්ෂයට

බෙහෙත් පෙති 02ක් සිර වී දැරියක් ජීවිතක්ෂයට

බලපිටිය, මරදාන ප්‍රදේශයේ පාසල් සිසුවියක් බෙහෙත් පෙති දෙකක් උගුරේ සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ සිසුවිය බලපිටිය මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (10) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය රේවත විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 13ක සිසුවියක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.